නව කැබිනට් මණ්ඩලයක් පත් වීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනවල වෙනසක් සිදු කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ සිට අමාත්‍ය ධුර ලබාගත් හරීන් ප්‍රනාන්දු (15), මනූෂ නානායක්කාර (20) යන මහත්වරුන්ට සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් ලබා ගත් විජයදාස රාජපක්ෂ (14), සුසිල් ප්‍රේමජයන්ත් (10) යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පැනවීමට කටයුතු කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට අමාත්‍ය ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා (02) සහ මහින්ද අමරවීර (13) යන මහත්වරුන්ටද ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවා තිබේ.
ඒ අනුව පහත පරිදි කැබිනට් අමාත්‍යවරුන්ට ආණ්ඩු පක්ෂයේ පළමුපෙළ අසුන් පනවා ඇත.
- ජී.එල් පීරිස්
- නිමල් සිරිපාල ද සිල්වා
- චමල් රාජපක්ෂ
- මහින්ද රාජපක්ෂ
- ප්‍රසන්න රණතුංග
- දිනේෂ් ගුණවර්ධන
- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
- ජනාධිපති
- ඩග්ලස් දේවානන්දා
- සුසිල් ප්‍රේමජයන්ත්
- බන්දුල ගුණවර්ධන
- කෙහෙළිය රඹුක්වැල්ල
- මහින්ද අමරවීර
- විජයදාස රාජපක්ෂ
- හරීන් ප්‍රනාන්දු
- රමේෂ් පතිරණ
- විදුර වික්‍රමනායක
- කංචන විජේසේකර
- නසීර් අහමඩ්
- මනූෂ නානායක්කාර
මීට අමතරව කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වූ නලීන් ප්‍රනාන්දු, ටිරාන් අලස් සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ අසුන් පැනවීමටද කටයුතු කර තිබේ.
මෙම වෙනස් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනවලද වෙනස්කම් කිරීමට කටයුතු කර ඇත.