දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමට තවත් අයෙක් අත්අඩංගුවට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤ වීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤ වීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 21 ක් හැවිරිදි පරිගණක තාක්ෂණ ශිල්පියෙකි. ඉකුත් දහවෙනිදා තෙන්නකෝන් මහතා කොළඹ 2 පෙරහර මාවතේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වීය
ඒ සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි
popular news
-
sg Monday, 06 June 2022 06:48 PM
Why people are taking the law into their hands...?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

