දේශීය හා විදේශීය නිශ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු පුත්තලම කුඩා කිවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුත්තලමකොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාශය පවසයි.
එම ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකර තිබේ.
එහිදී සැකකරුගේ නිවසේ සඟවා තිබී විදේශීය රටක නිෂ්පාදිත නොම්මර 16 ගිනි අවියක් හා මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුමෙසේ අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පි.එස් ජයමහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
