2022/2023 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ අනුව යූරියා මෙට්‍රික් ටොන් 150000ක්, එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 45000ක් හා ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 30000ක් රජයේ පොහොර සමාගම් දෙක හරහා ගෙන්වීමට නියමිතය.
මේ අතරින් යූරියා මෙට්‍රික් ටොන් 150000 ගෙන්වීමට අදාළව ඉන්දියාවේ ආනයන හා අපනයනය බැංකුව සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමටද කැබිනට් අනුමැතිය ලැබුණ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.