saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5761 hours ago

LATEST

ආණ්ඩුවේ දීර්ඝතම කැබිනට් රැස්වීම ඊයේ

calendar_today 2022 පෙබ 22 - 09:01 remove_red_eye - 722  

වත්මන් ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (21දා) පැවැත්විණි. ඒ අනුව පැය 05ක කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ’ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.

Read More

ඛණිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා අද (22දා) බැංකුවලින් ඩොලර් මිලියන 35ක් ලබා ගැනීමට ඊයේ (21දා) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබේ.

Read More

රුසියාවට තමන්ගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා පළිගැනීමේ පියවර ගැනීමට සෑම අයිතියක්ම ඇති බව ජනාධිපති පූටින් අවධාරණය කරයි.

Read More

2021 වර්ෂය සඳහා ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන දිරි දීමනාව මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සේවකයන්අද (22දා) දින සිට සියලු සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

Read More

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22දා) දිනයේදී පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

පසුගිය සතියේ, කැමරූන් හි මහජන සෞඛ්‍ය අමාත්‍ය මලාචී මනාවුඩා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය සම්පන්නව සිටින ලෙසත්, ඕනෑම ආසාදනයක් රෝහලට වාර්තා කරන ලෙසත්ය.

Read More

අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසාදමා තිබූ ඔස්ට්‍රේලියාව, සිය ජාත්‍යන්තර දේශසීමා එන්නත් කරන ලද සංචාරකයන් සඳහා සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරයි.

Read More

ඉතිහායේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහළම මූල්‍යමය ප්‍රගතියක් ලබා ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

එන්නත් හා වසංගත සීමාවන්ට එරෙහි විරෝධතාකරුවන් කැනඩාව සහ එක්සත් ජනපදය අතර කාර්යබහුලම ගොඩබිම් හරස් මාර්ගය දින හයක් අවහිර කරමින් වෙළඳාම අවුල් කර තිබුණි.

Read More

මේ වසරේ පෙබරවාරි 19 වන දා දක්වා මේ වන විට ලංකාවට පැමිණි ඇති සංචාරකයන් සංඛ්‍යාව 150,000 කට ආසන්න බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

එක්සත් රාජධානිය පෙබරවාරි 24දා සිට කොවිඩ්-19 සහිත පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල ස්වයං හුදකලාව අවසන් කිරීමට තීරණය කළත්, මීට තවමත් පාර්ලිමේන්තු අනුමැතිය හිමිව නැත.

Read More

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය. මේ අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වන දින රැස්වීමට නියමිතය.

Read More

කෝවිඩ් මර්දන එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් මෑත කාලයේදී වාර්තා නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

Read More

රටේ පවතින විදේශ සංචිත සහ ආර්ථික ප්‍රශ්නත් සමග ඉදිරියේදී මදක් අසීරු තත්ත්වයකට මුහුණ දීමට මෙරට පුරවැසියන්ට සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

Read More

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.

Read More

මෙරට ඉමහත් ආන්දොලනයකට තුඩු දුන් ඉකුත් 2019 වසරේ දී බ්‍රිතාන්‍යයන්යේ සිට මෙරටට ගෙන්වු කසල අඩංගු බහළුම් 242න් ඉතිරිව තිබූ අවසාන බහළුම් 45 නැවත 21දා බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කලහ.

Read More

සිය අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා හෙට (22දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. තමා අමාත්‍යාංශ රාජකාරීවලින් ඉවත්වීමට හේතු වූ කරුණු මෙහිදී ඔහු පැහැදිලි කිරීමට නියමිතව තිබේ.

Read More

ගත වූ දෙවසර තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වූ පිබිදීමත් සමග සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතුව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ටින් මාලු නිශ්පාදනයෙන් ලංකාව ස්වයංපෝෂිත වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව දෛනිකව අවශ්‍යවන ටින් මාලු කෑන් 275000ක ප්‍රමාණය මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවද ඔහු පැවැසීය.

Read More

(UPDATE) පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණය ගැලවීමට උත්සාහ කිරීම හේතුවෙන් සපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැප් ගායක ෆිල්ටි රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (21දා) නියෝග කළේය.

Read More

කඩුවෙල කෝටිපති ව්‍යාපාරිකයකු ඉංගිරියෙ හෝටලයකට රැගෙන විත් මත් දියරයක් ලබා දී සිහිසුන් කර ඔහු සතුව තිබූ පවුම් 39 බර රන් ආභරණ සොරාගෙන ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන් පලාගොස් එය අතරමග දමා ගිය සුරූපී කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ඉංගිරිය පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

දිවයිනේ ඇතැම් ප්‍ර දේශවල ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ. මේ අනුව ඇතැම් ඉන්ධන හල් තුළ ඉන්ධන අවසන්ව ඇති අතර ඇතැම් ඉන්ධන හල් තුළ දැඩි පොලිම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

පෞද්ගලික ආරවුලක් මත හෝ විවිධ කෝන්තර මත රට තුළ මිනීමැරුමක් හෝ මංකොල්ලකෑමක් සිදුවූ පමණින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි පැවසීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවැති උත්සවයකදී කළ කථාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස අවධානයට ලක්ව තිබෙනවා. මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් පිළිතුරක් ලබාදී තිබුණා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.