මැති ඇමතිවරුන්ගේ නිවෙස් වලට පහර දී ගිනි තබා දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් වලට සමගාමීව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලීසිය කියයි.
පසුගිය 9දා රාත්‍රී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මවට අයත්, සැනසුම,අංක 630, ගුවන්තොටුපළ පාර, අනුරාධපුර ලිපිනයේ පිහිටා ඇති ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු පිරිසක් එම නිවසේ සහ හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ තිබූ දේපළවලට හානි සිදු කර ගිනි තබා විනාශ කර තිබුණි.
එම අනර්ථය සිදුවන අවස්ථාවේදී නිවසේ කාමරයක තිබූ තමාට අයත් 9mm වර්ගයේ ලියා පදිංචි ගිනි අවිය කලහකාරී පිරිස ගිය පසු, සොයා බැලීමේදී නොතිබූ බව පවසමින් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව මෙම ගිනි අවිය කලහකාරීව පැමිණි පිරිස් සොරා ගෙන ගොස් ගියේ ද, නැති නම් ගින්නෙන් විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.