ශ්රී ලංකාවේ පවතින වත්මන් ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබාදීම වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ යෝජනාවකට ශ්රී ලංකාව තවමත් ප්රතිචාර දක්වා නැති බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
චීනය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හදිසි ආධාර ප්රකාරව වුවත් ශ්රී ලංකාව තවමත් ඊට ප්රතිචාර දක්වා නොමැති බව එම පුවත් සේවය කියයි.
මේ වන විට රට ඉන්ධන අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඩීසල් තොග සුරක්ෂිත නමුත් පෙට්රල්වල විශාල ගැටලුවක් පවතී.