සම්මුඛ පරීක්ෂණවලටත් නොආපු 126ක් පොලිස් ස්ථානාධිපතිවරුන් කරලා
පොලිසියේ ගැටලු පොලිස්පතිගේ ලිපියකින් එළියට
ශ්‍රී ලංකා පොලීසිය පත්ව තිබෙන අභාග්‍යසම්පන්න තත්ත්වය පිළිබඳව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකළ ලිපියක් මගින් මනාව පැහැදිලි වී තිබේ.
2021.01.01 දින සිට 2021.10.31 දා තෙක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරුන් පත්කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම් මෙන්ම පොලිස් නිලධාරින් විවිධ විශමාචාර ක්‍රියාවලට යෙදී සිටියදී අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු හෙළි කර තිබේ.
එසේම ශ්‍රී ලංකා පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩිවීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමබන්ධතා පවත්වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම, පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වැනි කරුණුද මේ හරහා හෙළි කර තිබේ.
මෙය අනාගතයේදී මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා බාධා ඇතිකරනු ඇති බවද ඔහු සිය ලිපියෙන් පවසයි.
ලිපියට අදාළ කාලසීමාව තුළදී පොලිස් ස්ථානාධිපතිරුන් 184ක් පත්කර ඇතැත් එයින් දෙදෙනෙක් හැරෙන්නට අනෙකුත් පත්කිරීම් නිසි ක්‍රම වේද අනුව සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙහිදි අදාළ ස්ථානාධිපතිවරුන් අතරින් පුද්ගලයන් 126ක්ම ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරිමට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහාද එක්ව නොතිබූ අය බව පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. එසේම සම්මුඛපරීක්ෂණවලදී පොලිස් ස්ථානාධිපතිධුරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් 03ක්ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ඇතැයි ඔහු පවසයි.








popular news
-
sg Wednesday, 18 May 2022 06:44 PM
One of the burning issues of the Sri Lanka police service. Especially, police administration of the Colombo area is highly politicized. Some officers have been promoted directly by the politicians. Need an impartial investigation and need to establish a fair and equal system for getting the promotion for others. Those politicized officers are harmful to the public and as well as the police department. It is essentially required to change this ugly system.
Reply : 0 0
sam Sunday, 22 May 2022 05:52 AM
Ko Gota accountability?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

