13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නිලධාරීන් 74 ක් සහ නාවිකයන් 2010ක් ඊලඟ නිලයට සහ තරාතිරමට උසස් කර ඇත.
වසර 30කට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මානුෂිය මෙහෙයුමකින් විජයග්‍රහණය කර මවිබිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ අනභිබවනීය දායකත්වය එම විජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් විය.
ඒ අනුව, 13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09ක් සහ කණිෂ්ඨ නිලධාරින් 65ක් ඊලඟ නිලය දක්වාත්, නිත්‍ය සහ ස්වේච්ඡා අංශයන්ට අයත් විවිධ තරාතිරම් වල කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නාවිකයන් 2010ක් ඊලඟ තරාතිරම් දක්වාත් නාවික හමුදාධිපතිගේ නිර්දේශය මත මෙලෙස උසස් කර ඇත