අරලිය ගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් පිටියේ පවත්වාගෙන ගිය සාමකාමී විරෝධතා සඳහා පහරදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක එළැඹෙන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියොග කර තිබේ.
ඒ සැකකරුවන් අද දිනයේදී කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය. සැකකරුවන් දෙදෙනා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිණ.