හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණුකල පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
අදාළ පෙත්සම අද එල්.ටී.බී. දෙහිදෙනිය, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණු අතර එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයට එම අවසරය ලබාදෙනු ලැබීය.
ඒ අනුව අදාල පෙත්සම්කරුවන්ට ජුනි මස 29 වනදා දක්වා කල් ලබාදී දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් අදාල පෙත්සම ඉදිරිපත් කර තිබුණි.