නිරිත දින මෝසම හෙට දිනය වන විට දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනේය වැඩිදුරටත් සඳහන් වෙයි.