යල කන්නයේ වගා කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබා දීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා තීරණය කර ඇත.
මේ අනුව කෘෂිකාර්මික කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් වගා කටයුතු සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර හා වාහන සඳහා විධිමත් සැලැස්මක් අනුවඉන්ධන ලබා දීමට නියමිතය.
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නිර්දේශ මත තෝරාගෙන තිබේ.
ගොවි සංවිධාන වෙත අදාල කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් විසින් සකස් කර ඇති සැලැස්මට අනුව ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගන්නා ලෙස අත්‍යාවශය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.