saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5704 hours ago

LATEST

නෙල්ලිගල හාමුදුරුවෝ තවත් වැඩකට මුල පුරති

calendar_today 2022 පෙබ 27 - 14:46 remove_red_eye - 1515  

රජ දවසින් පසුව මෙරට ඉදි කරන විශාලම පිච්ච මල් උයන සඳහා පිච්ච මල් රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (26 දා) අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේදී සිදු කෙරිණි .

පූර්ණ එන්නත්කරණයට ලක්කර විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සඳහා පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අවශ්‍ය නොවන බවට සඳහන් කරමින් සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයක් සදහා පැමිණි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොලක කාමරයක් තුළ අද (27දා) දින අලුයම මියගොස් ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

Read More

මාලදිවයිනේ දිවේහි ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

Read More

රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

Read More

රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම හෝටල්වල, ආගන්තුක නිවාසවල සහ නිවාස නවාතැන් පහසුකම් සපයන ස්ථාන වෙත බියර් සහ වයින් විකිණීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

ඒකාබද්ධ උත්සාහයක් හරහා මානව වර්යා සඳහා ඒකීය අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාපිත කිරීමට චීනය සැමදා ශ්‍රී ලංකාව හා එක්ව සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා ප්‍රකශ කළේය .

Read More

දෙරටේ ආරක්ෂක හමුදාවන් අතර වෙඩි හුවමාරුවට මැදිවූ අවුරුදු 06ක දරුවෙක් මේ අනුව මියගොස් තිබේ.

Read More

යුක්රේන ජාතික යුවතියක් ඊයේ (26දා) පෙරවරුවේ දළදා මාලිගාව ඉදිරිපිට මහනුවර වැවේ වලාකුළු බැම්ම අසල තනිව විරෝධතාවයක නිරත වූයේ තම රට ආක්‍රමණය කර සිටින රුසියානු හමුදා වහාම තම රටෙන් පිට වියයුතු බවට බල කරමිනි.

Read More

ඉන්ධන හිගය හේතුවෙන් ගෑස් බෙදා හැරීමට බාධා පැමිණ ඇති බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

Read More

රුසියාව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 240 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More

දැඩි ලෙස සන්නද්ධ රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර දෙසට වේගයෙන් ඇදෙමින් පවතින පසුබිමක, දින කිහිපයකින් නගරයේ බලය රුසියාව අතට පත්වනු ඇති බවට බටහිර සෙසු බලවේග කණස්සල්ලට පත්ව සිටී.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය.

Read More

සියලුම රාජ්‍යයන්හි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනත වීමේ චීනයේ ස්ථාවරය තවදුරටත් ස්ථාවර බව ෂී නැවත අවධාරණය කළේය.

Read More

රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Read More

බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (26දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.

Read More

ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා තිබෙනවා.

Read More

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.

Read More

ඉන්දියාවේ සිට ශ්‍රීී ලංකාව තුළ මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළි වීි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෛෂ්ඨ පොලිස් අධිකාරීී නිිහාල් තල්දූව මහතා කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 07 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම වාර්තාව දැක්වෙන්නේ ඊයේ (25දා) දිනය වන විට ශ්‍රී ලංකාවේ 7 013 578ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත බවයි. ඊයේ දිනයේදි පුද්ගලයන් 36 606ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

යුක්රේනයේ අගනුවර වන කිව්හි මාර්ගවල යුක්රේන ආරක්ෂක අංශ හා රුසියා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති බව යුක්රේනය තහවුරු කරයි.

Read More

කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සහ ග්‍රෑම් 30ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මිද්දෙණිය තලාව කාරියමඩිත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය ඊයේ (25දා) කොළඹ පිහිටි ජනපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

Read More

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශ්යේ දී අද(26දා) අලුයම අධි සුඛෝපභෝගී බස් රථයක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මාර්ගය අසල නවතා තිබූ හාල් ප්‍රවාහනය කරන ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි රියැදුරු රිය සහයක වරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව ගලේවෙල පොලිසිය පවසයි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 15කිින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කිින් ඉහළ දැමීීමට ඔවුන් කටයුතු කර තිබේ.

Read More

(update) රුසියාව සමගන් සාකච්ඡා කිරමට යුක්රේනය එකඟතාව පළකර ඇතිි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන් දින හා වේලාවන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.