වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි, ආර්ථික මධ්‍යස්ථාන වෙතට භාණ්ඩ රැගෙන යන සහ බෙදා හරින රජයේ සහ පෞද්ගලික අංශයේ ලොරි රථ සදහා සහ සියළුම දිස්ත්‍රික්ක වල තොග වෙළෙදාමේ යෙදෙන ලොරි රථ සදහා ත්‍රිවිධ හමුදාවේ ඉන්ධන පිරවුම්හල් වලින් සහ රජයේ ඩිපෝ මඟින් ඊයේ ජූලි (2) වනදා සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
ඒ පසුගිය ජුනි මස 27 වන දින අමාත්‍යවරයා, යුධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුවයි. එහිදී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මඟින්, ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණය භාර රජයේ බළධරයා වන දිස්ත්‍රික් ලේකම් හරහා මෙම කාර්යය සඳහා අවැසි ලොරි රථ අංක සහ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ඇතුළත් කොට ඛණිඡ තෙල් සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදීරිපත් කරන ලදී. ඊට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ අනුමැතිය හිමිවූ අතර, ඉන්ධන නිකුත් කිරීමට ත්‍රිවිධ හමුදාවේ ඉන්ධන පිරවුම්හල් සූදානම් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මඟින් පසුව වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙරට දැනට සක්‍රීය තත්ත්වයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන 13 සදහා භාණ්ඩ රැස් කරන සහ බෙදා හරින ලොරි රථ සදහා අපේක්ෂිත ඉන්ධන ප්‍රමාණය එම ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නයේ පිහිටි ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල් මගින් නිකුත් කරනු ඇත. තවද සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් විසින් නිර්දේශ කරන ලද තොග වෙළෙදාමේ නිරත වන ලොරි රථ වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අදාළ සියළුම ඩිපෝ වලින් සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල් මඟින් ලබා දෙනු ලැබේ.
එකී ඉල්ලීම ඉටු කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැස් කරන හා බෙදා හරින රජයේත්, පෞද්ගලික අංශයේත් ලොරි රථ සඳහා එම තොරතුරු ඇතුළත් කිරීමට ආකෘති පත්‍රයක් මේ වන විට නිකුත් කර ඇත.දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් වලට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ජාලය අඛණ්ඩව පවත්වා ගෙන යාම මෙම කාර්යයයේ අරමුණයි.