ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා
මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.
ගාල්ල නරගයේ වෙරළ අයිනේ පිහිටා තිබූ ඉදිකිරීම් සහ බැමි කිහිපයක් ද මෙම රළ පහරින් කැඩී ගොස් ඇත. වෙරළාසන්නයේ නවතා තිබූ ධීවර යාත්‍රා කිහිපයක් ද ගොඩබිමට ගසා ගෙන පැමිණ ඇත. මේ හේතුවෙන් සමුද්‍ර මාවතේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධයක්ෂ කර්නල් ප්‍රසාද් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වනවිට ප්‍රදේශ ගණනාවක මුහුදු රළ ගොඩබිමට පැමිණ ඇති බවයි. සුළං තත්වය වරින් වර වැඩිවන බැවින් ඒ පිළිබඳ අනතුරු අඟවා ඇති බව ද හෙතෙම කීවේය.
මේ උදම් රළ තත්වය රාත්‍රී කාලයේ දී දරුණු ලෙස නැවත ඇතිවිය හැකි බැවින් මුහුදු බඩ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් මුහුදු යාමෙන් සම්පූර්ණයෙන් ම වළකින ලෙසත් හෙතෙම ජනතාවයෙන් ඉල්ලා සිටියි.
සිරංගිකා ලොකුකරවිට/කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
ශිල්පා ෂෙට්ටිගේ කොළඹ ගමන මුම්බායි අධිකරණය තහනම් කරයි
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
පන්නල්ගම ගමම පිරමීඩ ජාවාරමකට හසුකළ අඹුසැමි යුවල රිමාන්ඩ්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd