විමලසුරේන්ද්‍ර පිටාර දමයි
නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (02දා) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (03) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.
විමසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර, පවතින අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් සහ ගල් පර්වත කිහිපයක් පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (03) දින උදැසන සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් නොර්වුඩ් මාර්ගය හරහා ධාවනය කරවන ලෙස නොටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
-
Kumar Sunday, 03 July 2022 02:20 PM
wimalasurendra jalashayak nove wathruara walak. sulu warshawakata vuwath pitara damanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

