ජනපති ෆේල් - ඉල්ලා අස්වෙන්න
ආර්ථික තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ විට රජයක් ලෙස මෙන්ම ජනපතිද අසාර්ථක වී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා කියයි.
මේ අනුව ජනපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පසුව පාර්ලිමේන්තුව වැඩබලන ජනපතිවරයෙක් තෝරාගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කල යුතු බවත් ඔහු පැවැසීය.
"ආර්ථික තත්ත්වය දිහා බලපුවාම රජයක් හැටියට ජනාධිපතිතුමා හැටියට අපි ෆේල් කියලා පිළි ගන්න වෙනවා. මේ සුමාන පහේ රනිල් වික්රමසිංහ මැතිතුමා ඇවිත් කිසි ප්රගතියක් පෙන්වූයේ නෑ ප්රශ්න විසදන්න. තිබුණ තැනිනුත්, කබලෙනුත් ලිපට වැටුණා කියලා තමයි පේන්න තියෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ල අස්වෙන්න ඕන. පාර්ලිමේන්තුවට දෙන්න වැඩබලන ජනපතිවරයෙක් පත්කර ගන්න. එතකොට ඒ පත්වන ජනපතිතුමාට පුළුවන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න හැම දෙනාම එක්කරගෙන. අනුර දිසානායක මහත්තයා කියනවා එතුමට මාස 6ක් දෙන්න හදලා පෙන්වනම් කියලා."
popular news
-
janabala asamagi Sunday, 03 July 2022 04:52 AM
pohottu nadayama apita epa soramulak vahama ivath venu mathivaranayak pavath vanu nenath soramulak path karaganna janathava bala sitinava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

