තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය භාර ගත්තේ බැනුම් ඇසීමට සිදුවන බව දැනගෙන බවත් අභියෝගය හමුවේ තමා පළා නොයන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
කොළඹදි අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ වෙනත් කිසිවෙකු හෝ ඉන්ධන සැපයීමේ අභියෝගය භාර ගන්නවානම් තමන් ඊට සහයෝගය ලබාදීමට සූදානම් බවයි.
ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඉදිරියේදී ක්‍රමානුකූලව ඉන්ධන පෝලිම් අවසන් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.