කන්දකාඩු පුනරුත්තාපන හා රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටි රැඳවියෙකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශවරුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ගුවන් හමුදාවේ සැරයන්වරු දෙදෙනෙක්, යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙක් හා තවත් සැරයන්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවියාට පහරදීමට යොදාගත් විදුලි වයරයක් හා උණ පතුරු දෙකක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.