දුම්රිය නියාමකවරුන් පිරිසක් ඊයේ (01) දින පස්වරුවේ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය තුනක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පස්වරු 02.30 සිට පස්වරු 03.30 දක්වා නතර කර තැබීම හේතුවෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් සහ එම දුම්රිය ස්ථානයේ සේවකයින් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති විය.
දුම්රිය නියාමකවරුන්ට අත්‍යාවශ්‍යය සේවා පදනම යටතේ ඉන්ධන ලබා දිමට කටයුතු නොකිරිම හේතුවෙන් දුම්රිය නියාමකවරුන්ට නියමිත වේලාවට රාජකාරියට පැමිණිමට නොහැකි බව පවසමින් නාවලපිටිය දුම්රය ස්ථානයේ රාජකාරියේ නියුතු දුම්රිය නියාමකවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ වර්ජනයක් ආරම්භ කර ඇත.
දුම්රිය නියාමකවරුන් ආරම්භ කර වැඩවර්ජනය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරින් නාවලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය සමග සාකච්ඡා කිලේය. ඒ අනුව දුම්රිය නියාමකවරුන්ට සහ දුම්රිය සේවකයින්ට අත්‍යාවශ්‍යය සේවා පදනම මත ඉන්ධන නිකුත් කිරිමට පියවර ගන්නා බවට පොරොන්දු වීමත් සමග වැඩවර්ජනය නතර කිරිමට දුම්රිය නියාමකවරුන් පිවරය ගත්තේය.
ඒ සමග නාවලපිටිය දුම්රිය ස්ථානයේ පැයකට ආසන්න කාලයක් නතර කර තිබු දුම්රියන් සිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය ස්ථානයේ නිලධාරින් පියවර ගැනින.


