ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි පිටි ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඇති හැකියාව සාකච්ඡා කෙරේ. හදිසි අවශ්‍යතාවයක් සේ සලකා රටටවහාම අවශ්‍ය කිරිපිටි තොග ආනයනය හා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ඉන්දියන් සහයෝගීතාව ප්‍රකාශ වී ඇත.
ආහාර සැකසුම් සහ කිරි ක්ෂේත්රවල වැඩි සහයෝගීතාවක් සඳහා කරුණු සොයා බැලීමට ඉන්දීය අධ්‍යයන කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංක මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ආහාර සැකසුම් කර්මාන්ත අමාත්‍ය ශ්‍රී පශුපති කුමාර් පරාස් මහතා ඉකුත් සති අන්තයේ දී මුණු ගැසුණු අතර එහි දී මෙම කරුණු සාකච්ඡා කර තිබේ. සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා දෙපාර්වයම ප්‍රධාන නිලධාරියෙකු බැගින් නම් කළ අතර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මාර්ග සිතියමක් සකස් කරනු ඇත.
ඉන්දීය අමාත්‍යවරයාගේ විෂය පථය යටතේ, පවතින කිරි කර්මාන්තය යටතේ විවිධ පැතිවලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා ඇති කර ගැනීමට ඇති හැකියාව සාකච්ඡා කළේය.
දෙරට අතර දැනට පවතින ණය වැඩසටහන යටතේ ඉන්දියාවෙන් කිරිපිටි ආනයනය කිරීම හැකි අතර එය ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට දායක වන බව මහ කොමසාරිස්වරයා මෙහි දී කියා සිටියේය. සියළු බදුවලින් නිදහස් කර කිරි පිටි සැපයීමට පියවර ගත යුතු බව මෙහි දී දෙපාර්ශවය නිරීක්ෂණය කර ඇත.
කිරි නිෂ්පාදන අංශ සහයෝගීතාව ආරම්භ කළ හැකි අතර පසුව එය ආහාර සැකසුම් කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් වන අනෙකුත් අංශ වෙත ද ව්‍යාප්ත කළ හැකි බව ද සඳහන් කෙරිණ. මහ කොමසාරිස් මොරගොඩ කියා සිටියේ මෙම ප්‍රයත්නවල අවසාන අරමුණ දෙරටේ විශාල ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කළ හැකි බවයි. ආහාර සැකසුම්කර්මාන්ත අමාත්‍යංශයේ සහ නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙශ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වුහ.