ආරක්ෂක අමාත්‍යාංශය ෆේස්බුක්හි පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.
ඩීසල් නොමැති විමෙන් නුවරඑලියේ එලවළු වෙලදාම සියයට හැටකින් පහල බැස ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreයුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය තම හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බවට රුසියාව කළ ප්‍රකාශය යුක්රේන නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreමහරගම නගරයේ අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි.
Read Moreමහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද අක්කර හැට දහසකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයකින් ලක්ෂ තුන්සියයකට ආසන්න වී කිලෝ ප්‍රමාණයක් අහිමි වී ඇති බව මහවැලි බී කලාපීය ගොවි ව්‍යාපාර කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් සරත් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුසියාව සහ යුක්‍රේනය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට සංචාරයේ නිරත යුක්‍රෙන ජාතිකයන් සඳහා අවශ්‍ය සෞඛය පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ පදනමේ නිර්මාතෘ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
Read Moreරුසියානු - යුක්රේන යුද්ධයේ නිමාවක් වෙනුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා සාකච්ඡා සඳහා සියලු කටයුතු සූදානම් බව බෙලරුසියාව පවසයි.
Read Moreඉන්ධන පිරවූ බවුසරයක් තිබියදී පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා නොදුන් බව කියන දික්වැල්ල නගරයේ පිහිටි පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරවීමට දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට මැදිහත්වීමට සිදුවිය.
Read Moreනේපාලයේ විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමට අදාළව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ MCC ගිවිසුමට අත්සන් තැබිමට නේපාල පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
Read Moreගුවන් හමුදාවේ වන්නි ගුවන්හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් රජයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ලංකා පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 15ක කාබනික පොහොර තොගයක් දෙවන වරටත් භාරදීමට ගුවන්හමුදාව පියවර ගන්නා ලදි.
Read Moreරාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් ඔහු නිදෝස් කොට නිදහස් කිරීමට එම අධිකරණය නියෝග කර තිබේ.
Read Moreහිසට ගිනිඅවියක් තබා මැණික් ව්‍යාපාරිකයෙකු පැහැරගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට විසිතුන් හැවිරිදි තරුණයෙකු ඊයේ (27දා) ගිනිඅවියක් සමඟ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreයාපනය සංගුපිඩ්ඩි පාලම අසලදී ඊයේ (27දා) රාත්‍රියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකු බරතල තුවාල ලබා ඇති බවට යාපනය පුනරීන් පොලීසිය පැවසීය.
Read Moreරුසියාවේ මිතුරු රාජ්‍යයක් වන බෙලරුසියාව තම හමුදා සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවට සහාය දැක්වීම වෙනුවෙන් මෙසේ බෙලරුසියාව සිය සොල්දාදුවන් යුක්රේනය වෙත යැවීමට තීරණය කර තිබේ.
Read Moreඉන්ධන හිඟය නිසා දීවයින යින පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සහ එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් ගේ පැමිණීම 50% කට වඩා අඩු වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ සහ ගොවීන් පවසති.
Read Moreයුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා රුසියාව විසින් පුද්ගලික මිලීෂියාවකට අයත් පුද්ගලයන් (කුලී හේවායන්) 400 කට වැඩි පිරිසක් අප්‍රිකාවේ සිට ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ අනාවරණය විය.
Read Moreපවතින විදුලි හා ඉන්ධන අර්බුදයත් සමග විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය විසින් අද (28දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා කැබිනට් සංදේශ හා පත්‍රිකා 11ක් පමණ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreයුක්රේනය තුළ සිදුවන රුසියානු මෙහෙයුමට එරෙහිව ගෙනෙන ඕනෑම ප්‍රතිචාරයකට සූදානමින් සිටින ලෙස සිය න්‍යෂ්ටික හමුදා ඒකක ඇතුළු හමුදා බලකායන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් සිදුකර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි විිස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ඉන්දීීය කණ්ඩායම සමත්විය.
Read Moreදීර්ඝකාලීන බදු පදනම මත පවරා දී ඇති කිසිදු සංවර්ධනක් නොකළ ඉඩම් යළි රජයට පවරා ගන්නා බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය
Read Moreයුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇත.
Read Moreසෞඛ්‍ය අමාත්‍යවරයා එකගවූ ඉල්ලීම් පිළිබද ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිවක් පිළිබදව මේ වනතෙක් තම සම්මේලනය දැනුවත් කර නොමැති බවත් ඒ අනුව සෞඛ්‍ය වෘත්තීයවේදීන් තාවකාලිකව අත්හිටුවූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් මාර්තු 02 දා හා 03 දා සියලු රෝහල්වලදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම, අධ්‍යාපන මට්ටම, අඩු ආදායම් සහ පදිංචිව සිටින ප්‍රදේශය අනුවද මෙසේ වෙනස් කොට සැලකීමේ ව්‍යාප්තිය වැඩිකර ඇත.
Read Moreසයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 2,500ක් පමණ ලැබී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
Read Moreපසුගිය වසරේදී ’කඩචෝරු කෑම’ සඳහා ශ්‍රී ලංකාව විසින් ඩොලර් කෝටි 600ක් වැය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅනික මේ සියලු අර්බුද මැද ඉතා ප්‍රවේශමෙන් අනාගතයට මුහුණ දෙන්න වෙනවා. අතට සල්ලි හම්බවුනා ම සියල්ල වියදම් නොකර ඉතිරි කර ගන්න.
Read Moreඅප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සැසිවාර දෙකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීමහේතුවෙන් රුසියාව හා යුක්රේනය අතර ඇතිවූ ගැටුම් වලින් මේ දක්වා රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 4300ක් පමණ ඝාතනය වී ඇති බව යුක්රේන නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.මීට අමතරව රුසියානු ගුවන් යානා 27ක්, හෙලිකොප්ටර් 26ක්, යුධ ටැංකි 146ක්ද යුක්රේන ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බවයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී නොලැබුණ බව ඕනෑම දේවස්ථානයක කුරුසියේ අත ගසා දිවුරා සපත කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅද (28දා) දිනයේදී පැය පහකට ආසන්න කාලයක් විදුලිය කප්පාදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read More