saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5690 hours ago

LATEST

වන්දි ගෙවීමට සූදානම් වන්න, සෙලෙන්ස්කි රුසියානුවන්ට කියයි

calendar_today 2022 මාර් 03 - 22:10 remove_red_eye - 4239  

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට වන්දි ගෙවීමට සිදුවෙනු ඇති බවත් විනාශ වූ සෑම දෙයක්ම නැවත ගොඩ නගන බවත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි.

ශ්‍රී ලංකාව තුළ පවතින ෆෝමලින් අවශ්‍යතාවට සරිලන පරිදි එම තොග නොමැති බවට පැතිර යන ප්‍රකාශ සාවද්‍ය වන බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

’’මම යථා තත්ත්වයට පත් වන තෙක් ස්වයං-හුදෙකලාව දුරස්ථව රාජකාරීන්හි නිරත වීමට කටයුතු කරනවා. මට මෘදු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පමණයි පවතින්නේ. සමස්තයක් වශයෙන් මට ලොකු අපහසුවක් නැහැ. මොකද මම දැනටමත් බූස්ටර් මාත්‍රාවද ලබාගෙන ඉන්නේ. සියලු දෙනා නිරෝගීව සිටින්න!’’ කරීස් පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇතිඅවස්ථාවේදී රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම පැවසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක-බන්ධන ක්‍රියාකාරීත්වය මත පදනම් වූ මේ නව ප්‍රතිදේහ ප්‍රතිකාරයට වෛරසයේ බීටා, ඩෙල්ටා සහ ඔමික්‍රොන් වැනි ප්‍රභේද ඵලදායී ලෙස උදාසීන කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

Read More

උක් ටොන් එකකට රුපියල් 2000ක් වැඩිකර දෙන ලෙස ඉල්ලා සෙවනගල ලංකා සීනි සමාගමේ පාලන අධිකාරියට බල කරමින් උක් ගොවීන් 600ට ආසන්නන පිරිසක් අද (03දා) සෙවනගල ඩංඩුම මංසන්ධිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

Read More

කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදු කෙරිණි.විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

Read More

වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුනත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය නැති කිරීම, ආර්ථිකය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ අද (3දා) අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

නුගේගොඩ, විජේරාම හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට වැටී තිබූ අන්සතු ඒ.ටී. එම් කාඩ් පතක් අහුලා ගෙන රුපියල් ලක්ෂ 07කට වඩා අධික වටිනා භාණ්ඩ මිලදී ගත් ත්‍රීරෝද රථ රියදුරකු මිලදීගෙන තිබූ භාණ්ඩද සමඟ අද (3දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ අපරාධ අංශය පවසයි.

Read More

අමාත්‍ය උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි. ජනපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අද දිනයේදී කැබිනට් සංශෝධනයක් තවත් සුළු මොහොතකින් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. සියලුම අමාත්‍යවරුන්ට ජනපති ලේකම්කාර්යලය වෙත කැඳවා ඇති බවද වාර්තා වෙයි.

Read More

වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළුව ඊයේ පැවැති සම්මන්ත්‍රණයට එක්වූ සියලු දෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කයන් රාස මානික්කයන් පැවැසීය.

Read More

පරිපූරක වෛද්‍ය සේවාහා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත්පිරිස ඊයේ (02දා) ආරම්භ කළ වැඩවර්ජනය හෙට (04දා) උදෑසන 08.00ට තාවකාලිකව නවතා දමන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි

Read More

බ්‍රවුන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ කමන්ත අමරසේකර මහතාට අයත්ව තිබූ කොටස් කෝටියක් ශ්‍රී දළඳා මාළිගාවට පරිත්‍යාග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් ප්‍රමාණවත් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

හෙට දිනයේදීද පැය 07 විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව අද (03දා) විදුලිය කප්පාදු කළ කාලසටහන අනුව හෙට දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Read More

සෙන්ට්‍රල් ප්ලාසා ගොඩනැගිල්ලේ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වැටලූ විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ආසන්නයේ වලදමා තිබූ අත්බෝම්බ 176 ක් ඊයේ (02දා) සොයාගත් බව මුලතිව් පොලීසිය පැවසීය.

Read More

නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙකේ කනුව ප්‍රදේශයේ දී අද (03දා) සිදුකල සෝදිසියක දි සැකකරුවෙකුගේ පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි ආධුනික බන්ධනාගාර නියාමකවරයකු ඇඳ සිටි කලිසමක සාක්කුවේ තිබූ හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාර නියාමකවරයා අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරිහු පවසති.

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ගතවන කාලය අඩුකරන බවට සහතික වන බවත්අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ඩීසල් නොමැති වීම හේතුවෙන් නෝනාගම වැලිපටන්විල ගොවීහු ඊයේ (2දා) විරෝධතාවක නිරත වූහ. සිය ගොවිතැන් කටයුතු සඳහා යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් මෙලෙස ගොවීහු වැලිපටන්විල ප්‍රදේශයේ කුඹුරු යායක සිට විරෝධතාවයේ නිරත වූහ.

Read More

අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු හට අද (3දා) අලුයම පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

රට පුරා සිටින පාසල් සිසුන්ට ’’යුක්රේනයේ විමුක්ති මෙහෙයුම අවශ්‍ය වන්නේ ඇයි’’ යන්න පිළිබඳ අතථ්‍ය පාඩමක් ලබා දෙන රුසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

දෙල්ගොඩ නගරයේ ඖෂධ හලකට කඩාවැදුණු මත්කුඩු ලෝලියෙකු බව පවසන අයෙකු එම වෙළද සැලේ හිමිකරු වන වෛද්‍යවරයෙකු පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි මීගහවත්ත පොලීසිය පවසයි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙයි.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මන්නාරම නඩුගුඩා ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක ඉතා සූක්ෂමව සඟවා තිබූ මත්පෙති 60,000 ක් අද (03දා) අලුයම සොයාගත් බවට යුදහමුදාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කරන සමාගම් දෙක වන ලාෆ්ස් හා ලිට්‍රෝ ආයතන වෙත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී තිබේ. ඒ රටේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදීමත් සමගිනි.

Read More

මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩා තරගාවලියක් සදහා සහභාගී වීමට ගොස් සිටි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් ගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති අතර මේ වනවිට මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ,අද(03දා) මීගමුව මහ රෝහලේ දී ආරම්භ කර තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.