චීනයෙන් ආපු රොබින් හා කෙල්ල දෙහිවලට දුන් අපූරු තෑග්ග
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 03 වන දින ඉපිද ඇති බෙංගාලි ව්‍යාග්‍ර පැටවුන් තිදෙනා මාස තුනකට පසු අද (02දා) මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවැසීීය.
මොවුන්ගේ පියා( රොබින් ) ලෙසත් මව (කෙල්ල) ලෙසට හදුන්නු ලබන අතර මෙම යුවල චීනයේ සත්වෝද්‍යානයකින් 2008 වසරේදී ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
මෙම පැටවුන් තිදෙනා දෙවන වරට පිරිමි පැටවුන් ලෙස ඉපිද ඇති අතර මේ වන විට මව්කිරි පමණක් බොමින් හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන අතර ැනට වයස මාස තූනක්ද වන අතර මාස හයකින් පසු මස් මාංශ සුලුවශයෙන් හුරු කරනු ලබන බවත් මෙහෙයුම් අධ්යක්ෂීකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය .
මේ වනවිට සත්වෝද්‍යානයේ බෙංගලී ව්‍යාග්‍ර ජෝඩු දෙකක් හා පිරිමි පැටවුන් තුනක්ද සමග හත්දෙනෙකු මහජන ප්‍රදර්ශණයට යොමුකරනු ලැබ ඇත.
දෙහිවල ධර්මපාල




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

