වෙදආරච්චිගේ පුතා හා ලේලිය අත්අඩංගුවට ගන්න පොලීසිය මහන සහාය ඉල්ලයි
පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිම හා සාපරාධී බලහත්කාර පෑමට අදාළළු සැගව සිටින සැකකරුවෙක් හා සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම අන්තර්හුවමාරුවේ සිදුවූ සිදුවිමක් සම්බන්ධයෙන් මෙසේ ඔවුන්ගේ තොරතුරු ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා වන හිටපු තංගල්ල නගරාධිපති රිවිඳු වෙදආරච්චි මහතා හා ඔහුගේ බිරිඳ වන නෙත්ම හරින්දික සිල්වා නැමැත්තිය පිළිබඳව පොලීසිය මෙම තොරතුරු ඉල්ලා සිටියි.
ඔවුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් ස්ථානාධිපති වීරකැටිය - 071 – 8591493 හෝ වීරකැටිය පොලිස් ස්ථානය 047 – 2246226 යන අංක අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.
පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවෙක්ට සැගව සිටිමට ආධාර අනුබල දීමද වරදක් බව පොලීසිය පවසයි.
popular news
-
Hubert Thursday, 02 June 2022 02:55 PM
Pohottu Brand poop
Reply : 0 0
Deepal Nirosh Friday, 03 June 2022 12:03 AM
ඉතින් ඔය ජෝඩුව සිද්ධිය වූ දින එම ස්ථානයේදීම අත්අඩංගුවට ගන්න තිබුණනෙව. දැන් බොරුවට මහජන සහාය ඉල්ලන්නෙ? අනෙක තාත්ත පාර්ලිමේන්තුවෙ මන්ත්රීවරයෙක්. දැන් ඉතින් කවද හරි රෝහලක දි තමා බබා හම්බවෙන්නෙ. එතකම් පොඩියක් ඉවසමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

