ජොනී ඩෙප්ට එරෙහිව පැවැති නඩුවට අදාලව අභියාචනයක් ගොනු කිරිමට ඇම්බර් හර්ඩ් සැලසුම් කර තිබේ.
ඒ එම නඩුවෙන් ඇය පරාජයට පත්වීමත් ජොනී ඩෙප්ට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ මුදලක් ගෙවීමට සිදුවීමත් හේතුවෙනි.
මෙම නඩුවේ තීන්දුව ශ්රී ලංකා වේලාවෙන් අද අලුයම ප්රකාශයට පත්වූ අතර එම නඩුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් නඩුවක් විය.
ජොනී ඩෙප් හා ඇම්බර් හර්ඩ් 2017 වසරේදී දික්කසාද විය. කෙසේ වෙතත් තමන්ව ගෘහස්ත හිංසනයට ලක්වූ බවට ඇම්බර් පළකළ වාර්තාවක් හේතුවෙන් මෙම නඩුව ගොනු විය.
නඩුවේ එක් චෝදනාවකින් ඩෙප් පරාජය වූ අතර ඒ අනුව ඔහුට ඩොලර් මිලියන 2ක වන්දියක් ගෙවීමට නියම විය.
ඇම්බර් අභියාචනය කිරීමට සැලසුම් කරන්නේ කුමන හේතු මතද යන්න පැහැදිලි නොමැති බවත් අභියාචනයක් ගොනු කිරීමට නයම් නඩු විභාගයේ හෝ මුලසුන දරන විනිසුරුවරයාගේ නීතිය කියවීමේ දෝෂ ඇති බව හර්ඩ් විසින් ඔප්පුකර පෙන්විය යුතු වෙයි.

