ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ සේවයකරන මාණ්ඩලික,විධායක සහ ඉන් පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සමාජශාලාවක් පසුගියදා විවෘතකෙරිණි.
සමාජශාලාව නවීන පහසුකම් යටතේ අලංකාරවත් එළිමහනක් සහිතව ප්රතිසංස්කරණයකර සේවකයන් වෙත මෙසේ ලබාදීමට කටයුතුකර ඇත.
කලක් වසා දමා තිබූ සමාජශාලා ගොඩනැඟිල්ල අලුත්වැඩියාකර විවෘත කිරීම ලංකා සීනී සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර,ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්ර,ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (පැල්වත්ත) මේජර් වජිර කුමාරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මොනරාගල සුමනසිරි ගුණතිලක