ඇල්පිටිය කටපොළ නාගහාතැන්න ප්රදේශයේ නිවසක අද (2දා) උදේ සිදුවූ පිපිරීමකින් නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල්ගත කල බව ඇල්පිටිය පොලිසිය පවසයි.
එම නිවසේ සගවා තිබු බෝම්බයක් පිපිරී යන්නට ඇති බවට පොලිසිය සැකකරයි .මෙම පිපිරිම අද (2දා) උදේ 9.20ට පමණ සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය කියයි .
ඇල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත


