පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයෙකුට හා ඔහුගේ බිරිඳට එරෙහිව පොලිස් නිලධාරියෙක් විසින් වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ඔවුන් ගමන් කළ ඩබල් කැබ් රථයේ පසුපස ශීතකරණයක් අපරික්ෂාකාරි ලෙස පටවාගෙන යෑමට පොලීසිය විරෝධය දැක්වීමත් සමග ඩබල් කැබ් රථයේ ගමන් ගත් යුවළ පොලිස් නිලධාරියාට පරුෂ චචනයෙන් බැන තර්ජනය කරයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම අන්තර්හුවමාරුව අසළ මෙම සිදුවීම සිදුව තිබේ.