ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් මාර්ගයේ ඇල්බියන් ප්රදේශයේදී ලොරි රථයක් අනතුරකට පත්වීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමන කටයුතු අද (02දා) අලුයම සිට අඩාල වී පැවැති බව ආගරපතන පොලීසිය පවසයි.
තේ කුඩු ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව පැවැති අතර, වෙනත් ලොරි රථයකට ඉඩ ලබාදීමට යාමේදී අනතුරට ලක් වු ලොරි රථයේ පසුපස රෝදයක් මාර්ගයේ කොටසක්ද සමග ගිලා බැසීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට පත් ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගැනීමට පියවර ගන්නා බව ආගරපතන පොලීසිය කියයි.
ශාන් හුලංනුගේ

