ජාතික තරුණ සේවා සභාවේ සභාපති වශයෙන් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා මහතා අද (02දා) එම ධූරයේ වැඩ බාර භාර ගැනීම මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි .
ජාතික තරුණ සේවා සභාවේ 27 වැනි සභාපති අධ්‍යක්ෂජනරාල් වරයා වශයෙන් වැඩබාර ගත් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හා පානදුර රාජකීය විද්‍යාලයෙන් මූලිකඅධ්‍යාපනය ලබා ඇති අතර,ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේය.ඔහු යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු ලෙසත් කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

