විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවක් අද (2දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා එම හමුවේදී ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය සහ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ විදුලිය කප්පාදුව වැනි උග්‍ර ගැටලු ඇතුළු රජය මුහුණදෙන අභියෝග පිළිබඳව විස්තර කළේය.
මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා සවිස්තරාත්මකව කරුණු දැක්වූ අතර මෙම අසීරු මොහොතේදී තම උපරිම සහය ලබාදෙන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
තවද, පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද සඳහන් කළ අමාත්‍යවරයා , මෙම සුවිශේෂී නීති සම්පාදනය සතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ගෙනහැර දැක්වීය.
මෙම අවස්ථාවට සහභාගී වූ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව වෙත සිය ප්‍රසාදය පළකළ විදේශ කටයුතු අමාත්‍යවරයා, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ හටගත් මෙම අභියෝගාත්මක අවධිය තුළ තම සහයෝගය සහ හිතෛශී බව ශ්‍රී ලංකාව වෙත පළ කරන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කෙටි ඉදිරිපත් කිරීම් සිදු කළ අතර අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ද සැපයූහ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූවාය.
