’’යුක්රේනයට එරෙහි ආක්‍රමණය’’ හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාව හමුවේ, පාකිස්තානයේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, ඉරානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ කසකස්තානයද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, තිරිඟු පිටි හිඟය හා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළයෑම නිසා සමස්ත බේකරි කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreනීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ගෙවීගිය මාස හතක කාලය තුළදී නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගත් පුද්ගලයන් 1100ක ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
Read Moreහෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීකා කොමිසම සඳහන් කරයි.
Read Moreකැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධුර වලින් ඉවත් කිරීම සහ නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසනව වල වෙනස් කිරීමක් සිදු කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 222කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreදකුණු යුක්රේනයේ වරාය නගරයක් වන මයුරුපෝල් හි දේශීය වේලාවෙන් උදෑසන 10 සිට රාත්‍රී 09 තෙක් පැය 11ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන හා රුසියානු ආරක්ෂක අංශ එකඟ වී තිබේ.
Read Moreඅද රටේ තියෙන ලොකුම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බවත් රටේ ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා පවසන නමුත් පොදු ජනතාව ජීවත්වීමේ බරපතල ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පුරහලේදී අද(6) දා පැවැති ලංකා ජාතික වතුකම්කරු සංගමයේ 26 වන සංවත්සර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහබාගිවෙමින් පැවසීය .
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ තමන් ඇතුළු පිරිස ලංකාවේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
Read Moreරුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මේ රටේ මතය මෙතෙක් ප්රතකාශ කොට නොමැති වුවත් රුසියාවෙන් ශ්‍රී ලංකාව ණයක් ඉල්ලා තිබෙන බවත් මේ අවස්ථාව රුසියාවෙන් ණයක් ඉල්ලීමට අවස්ථාවක් ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
Read Moreමෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreරජයේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමටලංකා විදුලිබල මණ්ඩලය ඊයේ තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreප්‍රවීණ කළාකරුවෙක් මෙන්ම ප්‍රහසන රංගන ශිල්පියෙක් වන බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රපාත වී තිබේ.
Read Moreඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 400ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 10ක් රැස්කරගෙන සිටියි.
Read Moreරුපියල් මිලියන දහසක වියදමින් මාතලේ - රිවස්ටන් මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගනියි. මාතලේ නගරයේ සිට රත්තොට හරහා වැටි ඇති මාර්ගය රිවස්ටන් මාර්ගයේ කිලෝමීටර් දාසයක් වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙයි.
Read Moreනිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අඩුපීඩන අවපාතයක් දක්වා දුර්වල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreරුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම එක්වන ලෙස යුක්රේනය කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වොෂින්ටන් නුවර පවතින යුක්රේන තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් වෙයිස් ඔෆ් ඇමෙරිකා ප්‍රවෘත්ති සේවයට පැවසීය.
Read Moreවර්තමාන ආණ්ඩුව වෙනස් කරන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
Read More’’ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි’’ පූටින් පැවසීය.
Read Moreඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක ෂෙන් වෝන්ගේ අභාවය පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත් වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.
Read Moreචීනයේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසන්නේ, තම රට (චීනය) ලොවපුරා ගිනි දැල්වීමට දරන උත්සාහයට විරුද්ධ බවයි.
Read Moreකෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම් 2014 දී නිර්මාණය කරන ලද අභ්‍යන්තර ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතිය (NSPK) හරහා සකසන බැවින් රුසියාව විසින් නිකුත් කරන ලද කාඩ්පත් රට සමග දිගටම ක්‍රියාත්මකව පවතින බව රුසියාව කියයි.
Read Moreසත්කාර ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියි.
Read Moreයුක්රේනය සහ රුසියාව අතර පළමු වැනි වටයේ සාම සාකච්ඡාවලට සහභාගි වූ අයෙක් කියෙව්හි අත්අඩංගුවට ගැනීමකදී ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලිට පැවසුවේ එවකට තමන් මොස්කව් වෙත එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්ලැදිමීර් පූටින්ට තර්ජනයක්ද කළ බවයි.
Read Moreලවණ මිශ්‍ර ජලයෙන් ගොවිතැන් කිරීම සහ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවීම නිසා දීර්ඝ කාලයක සිට මාතර ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. නියං සමයේ නිල්වලා ගඟේ ජල මට්ටම පහත වැටීම නිසා මුහුදු ජලය ගඟට ගලායාම මෙම ගැටලුව පැන නැගීමට හේතුවී ඇත.
Read Moreසිවිල් වැසියන්ට මයුරපෝල් නගරයෙන් පිටවීමට අවසර දීම සඳහා රුසියාව සහ යුක්රේනය අතර එකඟ වූ සටන් විරාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බව යුක්රේනය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය.
Read Moreකොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර දී තිබේ.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද (05දා) පෙරවරුවේ සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
Read More