වත්මන් ජනපතිවරයාගේ සිට වැඩ බලන ජනපතිවරයා දක්වා බලය හුවමාරුව ඉතාමත් ඉක්මනින් සාමකාමීව සිදු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතුව ඇති බවද ඔහු පැවැසීය.
එසේම මේ වන විට ජනපති ලේකම් කාර්යාලය, ජනපති මන්දිරය හා අරලිය ගහ මන්දිරයේ සිටින ජනතාව එම පරිශ්‍රවල පවතින සම්පත්වලට හානි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවැසීය.