ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟාවී ඇති බව ජනපති මාධ්‍ය අංශය කියයි. එසේම ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) වනදා සවස දිවයිනට පැමිණීමට නියමිත බවද ජනපති මාධය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
පළමු නෞකාව අද (10) පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව ජුලි (15) මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි.
ජුලි 12 වනදා සිට ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදුවන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මගහැරෙන බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.