ශ්‍රි ලංකා චීන තනාපති කාර්යාලය සහ චීන රතු කුරුස සමාජය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි තොරාගත් පවුල් 2500 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදි පැවැත්විණ.
චීන රතු කුරුස සමාජය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩ සටහන යටතේ නුවරඑළිය ප්‍රදේශයෙන් තොරාගත් අඩු අදායම්ලාභි පවුල් 250 ක් වෙත වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම ශ්‍රි ලංකාවේ චීන තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එක් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් රුපියල් 10000ක් පමණ වටිනාකමින් යුක්ත බවත්, ඉදිරියෙදි දිස්ත්‍රික්කය පුරා තොරාගත් පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීමට අවශය කටයුතු සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් රතු කුරුස සමාජයේ ශාඛා විධායක නිලධාරි එස්. චන්ද්‍රසිරි මහතා පැවසීය.
