සමගි ජන බලවේගය තුළ සැලුම් දොරක් නොමැති බැවින් පක්ෂයෙන් ඉවත්ව ගිය කිසිවෙකු නැවත පක්ෂයට නොගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
අමාත්‍ය ධුර වලින් ඉවත්වූ හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් නැවත පක්ෂයට එක් කර ගන්නේද යන්න පිළිබඳ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (10දා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඔවුන් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වන අවස්ථාවේ නිසි පරිදි කටයුතු කිරීමට අපහසු බවට පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළ බවත්, කෙසේ වෙතත් ඔවුන් දේශපාලන විචාරකයන් ලෙස සලකා ආණ්ඩුවට එක්වූ බවත් එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පක්ෂය අතහැරගිය මන්ත්රීවරන් නැවත භාර ගැනීමට තරම් පක්ෂය බංකොලොත් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ 113ක බහුතරය සාදා ගැනීමටද අපහසු නොවන බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.