ඉන්දීය සංචාරයකට එක්ව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (16දා) නවදිල්ලියේදී හමුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමේදී ආණ්ඩුවට රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවට පිළි ගන්නේ නම් වඩාත් යහපත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
Read Moreප්‍රමාණවත් තරම් ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ මෙන්ම ලාෆ්ස් ගෑස් ගෘහස්ත පරිභෝජනය වෙනුවෙන් ගෑස් නිකුත් කිරීම නවත්වා තිබේ.
Read Moreප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්මුතිය ඉදිරියට පවත්වාගෙන යාමට ජනපතිවරයා අපොහොසත් වී ඇති බවත් ආණ්ඩුව බලයට ගෙන ආ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ පැවැසූහ.
Read Moreවිදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත් ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාර ගත යුතු බවත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreරුසියාව විසින් යුක්රේනය ආක්රැමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා තම රටට ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 383) කට වඩා වැඩි හානියක් සිදුවී ඇති බව යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් පවසයි.
Read Moreබඩඉරිගු වගාව හා කිරි ගව පාලනයට ඉඩම් යොදා ගැනීමේ දී අවශ්‍ය වන පාරිසරික ඇගයීම් වාර්තා නිකුත් කිරීමේ දී පවතින ප්‍රමාදය වහාම අවසන් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read Moreසතියකට පමණ පසුව ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ අගයක් වාර්තා වී තිබේ.
Read Moreමෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට ප්‍රථම වරට නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඊයේ (15දා) පියවර ගන්නා ලදී.
Read Moreජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපද නායකත්වයට මෙන්ම පෙන්ටගනයේ සහ සීඅයිඒ ප්‍රධානීන්ට එරෙහිව මොස්කව් සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreහෙට දිනයේදීී රාත්‍රී 8.30ට ජනපති ජාතිය ඇමතීමට නියමිත අතර එය ජනතාවට බලා ගැනීම වෙනුවෙන් රාත්‍රී 8.00 සිට 9.30 දක්වා දිවයිනේ විදුලිය කප්පාදුවක් සිදු නොකරයි.
Read Moreටෙස්ලා-ස්පේස්එක්ස් ප්‍රධානියා, යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග ගැටුමක් සඳහා චෙච්නියානු නායකයාගෙන් උපදෙස් ලබාගෙනලු.
Read Moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණය ඇමරිකානු රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ .
Read Moreසෞදි අරාබිය විසින් අපනයනය කරන ලද තෙල්වලින් හතරෙන් එකක් චීනය මිලදී ගනී. එයින් අදහස් වන්නේ එම ගනුදෙනු යුවාන්වලින් වෙන් කිරීම චීන මුදලේ ජාත්‍යන්තර පැතිකඩ සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවයි.
Read Moreසීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.
Read Moreඔටාවා, වොෂිංටනය අනුගමනය කරමින්, ’’රුසෝෆෝබික්’’ (රුසියානු විරෝධයක්) ප්‍රවර්ධනය කිරීම හමුවේ, කැනඩා ජනපති ටෘඩෝ සහ කැනේඩියානු නායකයන්ට රුසියාව සම්බාධක පනවයි.
Read Moreඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (15දා) තෙල් සංස්ථා බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඊශ‍්‍රායලය යුක්‍රේනියානුවන්ට එරටට ඇතුල්වීම සීමා කිරීමෙන් පසු ටෙල්අවිව් වෙත කියෙව් පාලනයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනා වලට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කර ඒවා පැහැදිළි කරගැනීමට හැකිවූ බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
Read Moreජනතාව පෝලිම්වල දුක් විදින්නේ මිනිසෙක් ඇති කළ අර්බුදයක් නිසා බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඅද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනයක් ආවම නාමල්ටත් රාජ්‍ය ඇමතිකමක් හරි තව මොකක් හරි දෙනවා. අධීක්ෂණ ඇමති කියලා මොකක් හරි දෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එක අවුල්. මම නාමල් නම් කියනවා එපා කියලා. ජනාධිපතිතුමාගේ සෙන්සර් එක අවුල්. එතුමාට ඒ වෙනකොට දැනෙන් නෑ ආන්ඩුව බාහිර පෙනුමයි මේ සවුත්තු වෙන්නේ. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා. ඔක්කොම අධීක්ෂණය කරන්න මේ තරුණ නාමල් රාජපක්ෂ ඇමතිවරයට දෙනවා. ඒක දැන හෝ නොදන නාමල් රාජපක්ෂ ඇමතිතුමා අමාරුවේ දාන වැඩක්.
Read Moreමත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
Read Moreරට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreසමගි ජන බලවේගය ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පවත්වන විරෝධය හේතුවෙන් ගාලු පාර ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreසමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන විරෝධතාවයේ ජන හමුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. විරෝධතා රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබේ.
Read Moreසමගි ජන බලවේගය කොළඹ පවත්වන විරෝධතාව හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී තිබේ. එම රැළියට එක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියි.
Read Moreකර්මාන්ත අමාත්‍යාංශයේ හා පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා, අදළ ආයතනික හා නෛතික රාමුව වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read More