රුපියල් මිලියන දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ පනස් හතරයි ග්‍රෑම් හත්සිය දහයක් සමග පුද්ගලයෙකු අද (20දා) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
කොළඹ අවට ප්‍රදේශ රැසකට කේරල ගංජා තොග වශයෙන් අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳ , කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද මහතාට ලැබී තිබූ තොරතුරක් පිළිබඳව කොළඹ දකුණ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි මහතා දැනුවත් කොට එතුමාගෙන් ලද උපදෙස් අනුව සිදු කළ වැටලීමේදී මෙම කේරල ගංජා තොගය සමග පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පැවසේ .
එහිදී කුරුඳුවත්ත හැටේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කිරීමේදී එම නිවසේ සගවා තිබූ සැකකටයුතු පාර්සල් තුනක් පොලිසිය සොයාගෙන තිබුණි .
පසුව එම පාර්සල් තුන පොලිස් භාරයට ගෙන පරික්ෂා කිරීමේ දී ඒ තුළ කේරළ ගංජා තිබූ බවත් පසුව ඒවා කිරා මැන බැලීමේදී ඒ තුළ කේරළ ගංජා කිලෝ 54 ග්‍රෑම් 710 තිබූ බවත් පොලිසිය කියයි .
පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම මිලියන දහයකට අධික බවද පැවසේ .
මෙම කේරල ගංජා කොළඹ අවට ප්‍රදේශ රැසකට තොග වශයෙන් අලෙවි කිරීම සඳහා මෙසේ සගවා තිබී ඇති බවත් මීට පෙර මට්ටක්කුලිය පොලිසිය මගින් කේරළ ගංජා කිලෝ 20 සමග සැකකරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත නිදහස්ව ආ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි .
සැකකරුගේ කේරල ගංජා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සම්බන්ධ දැයි විමර්ශන ක්‍රියාත්මක ය.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුරුදුවත්ත පොලිසියට භාරදීමට නියමිතව තිබුණි .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
