පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
ඒ අනුව දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර 2023 ජනවාරි මස 1 වැනිදා සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
තවද පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේ දී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බව එම නිවේදනයේ සඳහන් වේ.
පොලිස්පතිවරයා ප්රමුඛ කමිටුවක් මඟින් මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත එම නීති ආධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකි අතර අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපති නීතිඥ මඩුල්ලක සහාය ද ලබාගත හැකිය.
සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහළ තනතුරුවලට වාහන සැපයීමේ දී මෙතෙක් පැවති වාහන හිමිකාරීත්වය අදාළ පොලිස් නිලධාරියා ට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කර තිබෙන අතර වසර 15 පැරණි වාහන සඳහා මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර 20 පැරණි වාහනවලට ද අවසර ලබාදුන් බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.