මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
ඉන්දීය ධීවරයින් විසින් මන්නාරම් උතුරු මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන තලෙයිමන්නාරමට රැගෙනවිත් ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාරදීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි.
මේ අතර ජුලි මාසයේ මේ වන විට පමණක් ඉන්දීය ට්‍රොලර් යාත්‍රා 4 ක් සමගින් ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇතැයිද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
