වැඩ බලන ජනපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හෙට (21දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුකිරීමට නියමිතය.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීය.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කිරීමට රනිල් වික්රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.