මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි
තමන් රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවන බවත් තමන් ජනතාවගේ මිතුරෙක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවැසිය.
ජනපති ලෙස තේරීපත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
ප්රශ්නය - ජනපතිතුමනි ජනතාව කියනවා වෙනසක් ඕන කියලා. ඔබ රාජපක්ෂලාගේ මිතුරෙක් නේද?එතකොට කොහොමද වෙනසක් වෙන්නේ?
පිළිතුර- රාජපක්ෂලා කොහොමද මගේ පැරණි මිතුරන් වෙන්නේ. මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියලා රාජපක්ෂලා මගේ මිතුරන් කියලා.
මම එක දෙයක් කියන්නම්. ජනමාධ්‍ය වේදියෙක් වුණාම ඔබ ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න අහන්න එපා.
ප්රශ්නය - ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරකේ නෙමෙයිද?
පිළිතුර - මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම ජනතාවගේ මිතුරෙක්
popular news
-
Samson de Silva Thursday, 21 July 2022 02:45 AM
Boruwata Ranil Rajapaksalage mithurek lesa chodanaa karanna epaa. Ranil Rajapaksalage mithurek noweyi. Ranil Rajapaksalage WAHALEK pamanayi.
Reply : 0 0
Deepal Nirosh Thursday, 21 July 2022 04:30 AM
මහරජ රාජපක්ෂලාට මිතුරෝ සිටිත් ද? එසේය ස්වාමීනි, රාජපක්ෂලාට බොහෝ මිතුරෝ සිටිති. මහරජ රාජපක්ෂලාට සතුරෝ සිටිත් ද? එසේය ස්වාමීනි, රාජපක්ෂලාට මිතුරන්ට වඩා බොහෝ සතුරෝ සිටිති. මහරජ රාජපක්ෂලාට ඒ මිතුරෝත් සතුරෝත් හැර තවත් කිසිවකු සිටිත් ද? එසේය ස්වාමීනි, ඒ මමයි.
Reply : 0 0
Mayura Thursday, 21 July 2022 08:24 AM
ඔව් ඔබ රාජපක්ෂ ගේ මිතුරෙකු නොව ඔවුන්ගේ ආරක්ෂායි. එය අපි හොදාකාරයෙන්ම දනිමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

