අද මට අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා බොහෝ දෙනෙක් කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමති වුනාට පස්සේ තිබුණු දේත් නැති වුනා කියනවා. අපි දන්නේ නෑ ඒක ඇත්තද බොරුද කියලා. නමුත් එහෙම දෙයක් තිබෙනවා නම් බැසිල් මහත්මයෝ ඔබතුමාවත් මිනිස්සුන්ගේ චෝදනා වලින් නිදහස් වෙන්න පුලුවන් කමක් තිබෙනවා නම් 6 මාසයක්වත් ඈත්
සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඇතිමලේ මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලක බැඳ තිබූ බඹරු වදයක් ඇවිස්සීමෙන් අද (14දා) පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙකුට සහ විදුහල්පති ඇතුළු ගුරුවරුන් තිදෙනෙකුට බඹරුන් දෂ්ඨකිරීම නිසා ඇතිමලේ රෝහලට ඇතුලත්කර ඇත.
Read Moreඅද මේ මොහොත වන විට ඛනිජ තෙල් සංස්ථාවට පෙට්‍රල් සහ ඩිසල් රටට අවශ්‍ය ප්‍රමාණය අපි ගාව තිබෙනවා. අද විදුලිබල මණ්ඩලයට, බලාගාරවලට ඕනකරන තෙල් ප්‍රමාණයක් සපයලා තිබෙනවා.
Read Moreජනතාවට දිනෙන් දින එල්ලවන ජීවන බර හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩනයට ආණ්ඩුව වග නොකියන බැවින් ආණ්ඩුව වහාඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේපිරිසක් අද (14දා) අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
Read Moreරටේ පවතින සහල් අර්බුදය නැති කිරීම සඳහා වහාම රජයේ මැදිහත්ව වී සහ සහල් වලට පාලන මිලක් නියම කළ යුතු බව ද එසේ නොකළහොත් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මැති ඇමැතිවරු හමුවීමට පැමිණෙන බව අද (14දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දඹුල්ලේ දී පැවසීය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 16දා ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreනිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විධිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නවා. ඒ යටතේ කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නවා’’ යැයි විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
Read Moreයෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර ඉක්මනින් ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreඉන්ධන මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තු ඉහළ නංවන ආකාරය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 20ක් දක්වා වැඩිකර තිබේ. අවස්ථා 350ක් යටතේ බස් ගාස්තු වැඩි කර ඇත අතර රුපියල් 1303ක්ව පැවැති ප සාමාන්‍ය සේවාවේ උපරිම ගාස්තුව රුපියල් 1498ක් දක්වා ඉහළ ගොස් තිබබේ.
Read Moreඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් හෝමයෝන් අලියාරි මහතා අද (14දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
Read Moreඅපි කියන වැඩපිළිවෙලේ හොඳ ලක්ෂණ පිළිගන්න සූදානම් නැත්නම් අපි නිකන් ආණ්ඩුවෙ ඉඳලා ආණ්ඩුවත් එක්ක අපිත් පිරිහෙන්න වැඩක් නැහැ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද(14දා) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී පැවැති ස්වයං රැකියා ලාභින්ට උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
Read Moreබදුල්ලේ ගෑස් නියෝජිත ආයතනයකින් රුපියල් එක් ලක්ෂ හැට හතර දහසක් වටිනා ගෑස් සිලින්ඩර් 14 ක් කොල්ලකා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
Read Moreපනතේ 34 වගන්තිය යටතේ තක්සේරු කළ අගය රු මිලියන 3480 ක් වුවද එම මුදල මේ වන තෙක් ලැබී නොමැති බවත් රු. මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්ර තිචාර දැක්වීම සදහා පමණක් ලැබී ඇති බවත් මෙහිදී මෙහිදී හෙළි විය.
Read Moreබොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා හා තවත් දෙදෙනෙකු ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreබලන්ගොඩ පොලිස් වසමේ මඩුගස්තලාව ප්‍රදේශයේ ඇති ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හිමිනමක් අද (14දා) උදෑසන පිණ්ඩ පාතය සඳහා වැඩම කරමින් සිටියදී වන අලියෙකු පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අපවත් වී ඇති බවට බලන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියානු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ෂෙල් ප්‍රහාර දැඩි කර තිබේ. යුක්රේනයේ තට්ටු නිවාස සංකීර්ණයකට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවිසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් පසුව වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනපති කී දෙය විශ්වාස කළත් එය ඉටු නොවුණ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreබණ්ඩාරගම ගම්මන්පිල විහාරස්ථානය ඉදිරිපිට යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ඇතුළු පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පැවසීය.
Read Moreජාත්‍යන්තර දැනුම් හා සම්බන්ධකම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි එජාප ආණ්ඩුවක් තුළ තමයි මේ රටේ ආර්ථිකය කවදත් හැදුනේයැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද (14දා) ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දෙන ලදී.
Read Moreරුපියල පා කරවීමට රජය ගත් තීරණය අනුව අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව වාණිජ බැංකුවක් විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreඑතනෝල් ආනයනය නොකරන ලෙස ඉල්ලා සෙවණගල සිනි සමාගමේ සේවක සමිති හතරක පිරිසක් සතියක පමණ සිට සිදු කළ සත්‍යග්‍රහයක් රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතාගේ මැදිහත්විමෙන් ඊයේ (13දා) නවතා දැමිය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉස්සරහා ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා උපවාස කළා. රටේ රාජ්‍ය නායකයා ගිහින් ඒ අයට තැඹිලි පෙව්වා. නවනීදන් පිල්ලේ ආණ්ඩුවට ආව වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා මට එයාව කසාඳ බැඳ ගන්න තියෙනවානම් හොඳයි කියලා. ජාත්‍යන්තරය සම්පූර්ණයෙන් අපෙන් අයින් වුණා. මම ජනපතිධුරයට පත්වෙලා කරපු පළමු දේ තමයි ජාත්‍යන්තරයේ හිත් දිනා ගැනීම.
Read Moreශ්‍රී ලංකාවේ පැවැත්වෙන ’’රේඩ් ඇමේසන් ’’ 20 වැනි ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීම සදහා ප්‍රංශ ජාතික කාන්තා ක්‍රීඩිකාවන් 250 දෙනෙකු අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
Read Moreප්‍රථිපල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙහි උපරිම ලකුණු සංඛ්‍යාව සිංහල මාධ්‍ය 152 වන අතර දෙමළ මාධ්‍ය 149කි. සිංහල මාධ්‍ය අවම ලකුණු 142ක් වන අතර දෙමළ මාධ්‍ය අවම ලකුණු 145කි.
Read Moreමේ ප්‍රශ්න ජනතාව දැනගත යුතුයි. ඒව හංගන්න ආණ්ඩුවට බෑ. ඒක විපක්ෂයත් දැන ගන්න ඕනි. මේ වෙලාවෙ ආණ්ඩු මාරු කරන එක නෙමේ කරගන්න ඕනි. තියන ප්‍රශ්නෙ විසඳගන්න එක. එසේ නොවුණහොත් ඉදිරි මාස කීපයේදී අපිට රටත් නැති වේවි.ඔ අපේ දේශපාලන මතය කුමක් වුවත් අපිට තියන රට මේක .ඒක බේර ගන්න අපි හැමෝම එකතු වෙන්න ඕන. එය හැමෝගෙම වගකීමක් හා යුතුකමක්.
Read Moreසෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් පර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදපිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳුදා සහ අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව අයි.එම්.එෆ්. ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී නොසාකි රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
Read Moreගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (13) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
Read More“දැන් කතා බහක් යනවා ජාතික ආණ්ඩු ,ඇමතිකම් ගන්න විදිය, අගමැතිකම් මාරුවෙන විදිය නමුත් ජාතික ආණ්ඩුවකටනම් අපේ කැමැත්තක් නෑ. ජාතික ආණ්ඩු හදන දවසකට අපි පැත්තකට වෙනවා. ජාතික ආණ්ඩු හදන්නේ ජාතික පරමාර්ථයකින් නොවේ. මේ හදන්නේ ඇමතිකම් වැඩිකරගන්න. එහෙම ජාතික ආණ්ඩුවලින් වැඩක් නෑ”
Read More