ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රමිකයින් 22 ක් සඳහා ගුවන් ටිකට්පත් අද (20දා) එම කාර්යාංශයේදී පිරිනැමීය.
මේ යටතේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා තරුණයින් 14ක් හා සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා සඳහා තරුණයින් 8 ක් සුදුසුකම් ලබා තිබේ.
ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාව සඳහා කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, IM Japan ආයතනයේ අධ්‍යක්ෂක එම්.කොමේ, IM Japan ආයතනයේ නව දේශීය අධ්‍යක්ෂක තමුරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
