ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි (2024) අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් තුන්දහස්නමසිය හැත්තෑඑක්කෝටි, හැත්තැහයලක්ෂ ,විසිහයදහස්, හයසියපහළොවක මුදලක් (39,717,626,615) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත..
චක්‍ර ලේඛ ප්‍රකාරව සියළුම රාජ්‍ය නිලධාරින් කාර්යාලයට පැමිණිම සහ පිටවිම සනාථ කිරිම සදහා ඇගිලි සලකුණු සටහන් කිරිමේ යන්ත්‍ර භාවිතා කළයුතු බවද විගණනය මගින් අනාවරනය කොට ඇත. නිත්‍ය රාජකාරි වේලාවෙන් පසුව ගෙවනු ලබන දිමනා සදහා කාලය පදනම්කර ගන්නේ නම් එම කාලය ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගතයුතුය.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒ අනුව කටයුතු සිදුනොකර අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.