ඉකුත් දින කිහිපය තිස්සේ අනුරාධපුරයට සහ ඉහල ජලාධාර ප්රදේශ වෙත ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබේ., තවදුරටත් වැසි තත්ත්වය වර්ධනය වුව හොත් කලා වැවේ ද වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව අනුරාධපුර දිස්ත්රික් ආපදා සහකාර අධ්යක්ෂ නයන් සමරකෝන් මහතා සදහන් කළේය.
මේ අතර අනුරාධපුරයට ඊයේ රාත්රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තඹුත්තේගම, තම්මැන්නාගම වසමේ පවුල් දහයක පුද්ගලයින් 36 දෙනෙකු පීඩාවට පත්ව සීටී. ඊයේ සවස 05.30 ට පමණ ආරම්භ වී පැය දෙකකට ආසනන්න කාලයක් ඇද හැලුනු අධික වර්ෂාවෙන් මෙම නිවෙස් වලට ක්ෂණිකව ජලය ගලා ඒම නිසා ඔවුන්ගේ දෛනික කටයුතු අඩාල වි ඇති බව දිස්ත්රික් ආපදා සහන සේවා නිලධාරි ගංගා හේමමාලි මහත්මිය සදහන් කළාය.
මෙම පීඩාවට පත් පිරිස් සදහා ආපදා සහන සේවා නිලධාරින් ඇතුළු පිරිස් එක්ව පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන තිබේ. තඹුත්තේගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය සහිතව මෙම පිරිස් පිළිබදව සොයා බැලිම අඛණ්ඩව සිදුකෙරෙන බව ගංගා හේමමාලි මහත්මිය පැවසුවාය.
බුල්නෑව ප්රදීප් රණතුංග



