ලංකා සතොස සමාගම විසින් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 1,097ක ශුද්ධ අලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
2023 වර්ෂයේ දි ස.තො.ස සමාගම විසින් රුපියල් මිලියන 695ක ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි.ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව සතොස සමාගමේ පාඩුව ඉකුත් වර්ෂයේ දි සියයට 58කින් වැඩිවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
සතොස සමාගමේ විකුණුම් ආදායම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි සියයට 9.5කින් අඩුවිමත් . සමාගමේ අනිකුත් ආදායම් සියයට 17.4කින් අඩුවිම හේතුවෙන් සමාගම මෙවැනි පාඩුවක් වාර්තාකොට තිබුණි. කෙසේවුවද සතොස සමාගම විසින් සිය මුල්‍ය වියදම ( ශුද්ධ) 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි මිලියන 643ක් දක්වා සියයට 46කින් අඩුකරගෙන ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.