සත් අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑලියට පැමිණි 18 දෙනෙකු සැක පිට (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතා පැවසීය.
නුවරඑලියේ (18) දින පැවැත්වෙන සාදයක් සදහා මුහුණු පොත ඔස්සේ හදුනාගත් පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියාසිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අවුරුදු 18-28ත් වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම පිරිස සන්තකයේ කුෂ්, හෙරෝයින්, අයිස්, මත් පෙති සහ නීති විරෝධීලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තිබී සොයා ගත් බවයි නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
නුවරඑලියට පිවිසෙන මාර්ග සියල්ලක්ම ආවරණව වන පරිදි නුවරඑලිය කොට්ටාශ පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබා ගෙන පොලිස් මාර්ග බාධක යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියහ.
සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ දීපාවලි උත්සව සමය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශීය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බවයි නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළධාරියෙකු කියා සිටියේ.
